විදෙස්

බෝම්බ භියකින් දිල්ලි ගුවන් තොටුපල වැසේ

(UTV|ඉන්දියාව) – බෝම්බයක් ඇති බවට ලැබුණු තොරතුරක්ද  නිසා ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොල පැයකට අධික කාලයකට වසා දමා තැබුණු බව වාර්තාවේ.

කිසියම් පුද්ගලයෙකු ඊයේ (12) රාති‍්‍රයේ ගුවන් තොටුපොලෙහි දෙවන පර්යන්තයේ බෝම්බයක් තිබෙන බවට දුරකථන ඇමතුමක් ලබාදෙමින් දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව වහාම ගුවන්තොටුපල පර්යන්තයේ සිටි සියලූ මගීන් ඉන් ඉවත් කිරිමට ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබේ.

මෙහිදී පැයකට අධික කාලයක් සෝදිසි මෙහෙයුම් සිදුකලද නමුත් කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් සොයාගැනීමට නොහැකි විය.

එම දුරකතන ඇමතුම ව්‍යාජ ඇමතුමක් බව පසුව අනාවරණය වී ඇත.

පැය දෙකකට ආසන්න කාලයක් අත්හිටුවා තිබු ගුවන් තොටුපොල කටයුතු පසුව යථා තත්ත්වයට පත්කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුසියානු විපක්ෂ නායකයා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Mohamed Dilsad

සුනාමි බලපෑමෙන් ඉන්දුනීසියාවේ 50ක් මරුට(වීඩියෝ)

Mohamed Dilsad

මාර්ෂල් දිවයිනේ පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment