දේශීය

පෙරහුරු ඡන්ද විමසීම්වලට අදාළ වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත

(UTV| කොළඹ) –  එළඹෙන මහ මැතිවරණයට සූදානම්වීමක් ලෙස පැවැත්වූ පෙරහුරු ඡන්ද විමසීම්වලට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් අද (16) පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත භාරදෙන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

පෙරහුරු ඡන්ද විමසීම් සඳහා යොදාගත් ආදර්ශ ඡන්ද මධ්‍යස්ථාන නික්ෂණය කිරීමේදී හඳුනාගත් අඩුපාඩු සහ සිදුවිය යුතු වෙනස්කම් ද ඇතුළුව මෙම නිර්දේශ සකස් කර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

පසුගිය ජුනි 7 වනදා පළමු පෙරහුරු මැතිවරණය අම්බලන්ගොඩදී පැවැති අතර , ඉන්පසුව දිස්ත්‍රික්ක කීපයක් ආවරණය වන පරිදි ද මැතිවරණ පෙරහුරුවීම් පවත්වනු ලැබීය.

Related posts

ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බව අධිකරණයට දන්වයි

Mohamed Dilsad

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට තවදුරටත් බැදුම්කර වෙළඳපොල තහනම්

Mohamed Dilsad

ආසන ප්‍රමාණය ඉක්මවා මඟීන් රැගෙන යන බස් රථවලට නීතිය ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment