දේශීය

පෙරහුරු ඡන්ද විමසීම්වලට අදාළ වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත

(UTV| කොළඹ) –  එළඹෙන මහ මැතිවරණයට සූදානම්වීමක් ලෙස පැවැත්වූ පෙරහුරු ඡන්ද විමසීම්වලට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් අද (16) පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත භාරදෙන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

පෙරහුරු ඡන්ද විමසීම් සඳහා යොදාගත් ආදර්ශ ඡන්ද මධ්‍යස්ථාන නික්ෂණය කිරීමේදී හඳුනාගත් අඩුපාඩු සහ සිදුවිය යුතු වෙනස්කම් ද ඇතුළුව මෙම නිර්දේශ සකස් කර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

පසුගිය ජුනි 7 වනදා පළමු පෙරහුරු මැතිවරණය අම්බලන්ගොඩදී පැවැති අතර , ඉන්පසුව දිස්ත්‍රික්ක කීපයක් ආවරණය වන පරිදි ද මැතිවරණ පෙරහුරුවීම් පවත්වනු ලැබීය.

Related posts

ඥානසාර හිමි ට වරෙන්තු

Editor O

මැතිවරණ කොට්ඨාස 22කින් ඡන්ද බලප්‍රදේශ 160ක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගන්නා විදිය.

Editor O

ක්‍රීඩා ඇමතිවරු හඳුනාගන්නා හමුවට ඇඳුම් නිර්දේශ කර පසුව වෙනස් කරයි.

Editor O

Leave a Comment