දේශීය

උමා ඔයේ වැඩ නිම කිරීමට ඉරානයෙන් කාර්මිකයන් 85 දෙනෙක්

(UTV | කොළඹ) –  උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට ඉරානයෙන් කාර්මික ශිල්පීහු 85 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

උමා ඔය ව්‍යාපෘතියේ වැඩ 95% ක් පමණ අවසන්කර ඇති අතර, ඉතිරි වැඩ කොටස මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර නිම කිරිමට අපේක්ෂිතය.

ව්‍යාපෘතියෙන් ජල විදුලිය මෙගා වොට් 120 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

පැමිණි පිරිස PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු යුද හමුදාව විසින් ඔවුන් නිරෝධායනයට යොමු කෙරිණ.

නිරෝධායන කාල සීමාවෙන් පසු දෙවැනි PCR පරීක්ෂණයට යොමු කෙරෙන අතර පසුව ව්‍යාපෘතියේ වැඩවලට යෙදවීමට පියවර ගැනේ.

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට

Mohamed Dilsad

ඇඳිරි නීතිය අවසන් වු වහාම සියලූම සමූපකාර විවෘත කිරීමට උපදෙස්

Mohamed Dilsad

උසස් පෙළ සමතුන් 45,000ක ට මෙවර විශ්වවිද්‍යාල වෙත පිවීසීමට අවස්ථාව

Editor O

Leave a Comment