දේශීය

උමා ඔයේ වැඩ නිම කිරීමට ඉරානයෙන් කාර්මිකයන් 85 දෙනෙක්

(UTV | කොළඹ) –  උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට ඉරානයෙන් කාර්මික ශිල්පීහු 85 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

උමා ඔය ව්‍යාපෘතියේ වැඩ 95% ක් පමණ අවසන්කර ඇති අතර, ඉතිරි වැඩ කොටස මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර නිම කිරිමට අපේක්ෂිතය.

ව්‍යාපෘතියෙන් ජල විදුලිය මෙගා වොට් 120 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

පැමිණි පිරිස PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු යුද හමුදාව විසින් ඔවුන් නිරෝධායනයට යොමු කෙරිණ.

නිරෝධායන කාල සීමාවෙන් පසු දෙවැනි PCR පරීක්ෂණයට යොමු කෙරෙන අතර පසුව ව්‍යාපෘතියේ වැඩවලට යෙදවීමට පියවර ගැනේ.

Related posts

ප්‍රදේශ කීපයක අධික උෂ්ණ කාලගුණයක් පිළිබඳව ජනතාවට දැනුම් දීමක්

Mohamed Dilsad

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට මහාධිකරණ නිගමනයක්

Mohamed Dilsad

ඉන්දියාවෙන් ඖෂධ තොගයක් මෙරටට

Mohamed Dilsad

Leave a Comment