දේශීය

කොරෝනා වැළඳී සුවය ලැබූ වෙකුට යළිත් රෝගය වැළදෙයි.

(UTV |කොළඹ ) – කුවේට්හි සිට පැමිණෙන විට කොවිඩ් නයින්ටීන් රෝගියෙකුව සිට මෙහිදී රෝහල් ගතව සුවය ලැබූ කාන්තාවකට යළිත් වරක් කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී තිබේ.

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටින 36 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඇයට නැවතත් කොරෝනා රෝගය වැලදුන බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා තහවුරු කළේය .

අදාළ කාන්තාව මීට දින දෙකකට පෙර හෝමාගම ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව කැබිතිගොල්ලෑවේ පිහිටි නිවස වෙත පැමිණ ඇත.

ඇය යළිත් අසනීප වීම හේතුවෙන් පෙරේදා දිනයේ අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

එහිදී සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයකදී කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇති බව වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේය.

Related posts

සජින් වාස්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම වේ

Mohamed Dilsad

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන මෙන්න

Mohamed Dilsad

සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනීමේ දුෂ්කරතා සමනය කිරීමට පුණ්‍ය ආයතනයක්

Mohamed Dilsad

Leave a Comment