දේශීය

බිත්ති හිල් කර මත්පැන් හොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – මාරවිල පොලීසිය විසින් රට බීම හල්වල බිත්ති හිල් කර මත්පැන් හොරකම් කරන කල්ලියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මාරවිල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේය.

CCTV දර්ශන ඔස්සේ සිදු කළ පරීක්ෂණ හරහා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

කල්ලියේ සාමාජිකයින් සිව්දෙනෙකු සිටින බව අනාවරණය වී ඇති අතර ඉන් තිදෙනෙකු මේ වනවිටත් පොලිස් භාරයට ගෙන අවසන් ය.

සැකකරුවන් දඹුල්ල, ගලේවෙල, තලාව සහ පොල්ගහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට‍ යොදා ගන්නා බලපත්‍රයක් උපයෝගී කරගනිමින් කලෙක සිට මොවුන් මෙම සොරකම් සිදු කර ඇති බව පොලීසිය පැවසුවේය.

‍ශීතකරණ ලොරියක් උපයෝගී කරගනිමින් මෙම කල්ලිය දිවයින පුරා රට බීමහල් 28ක පමණ මත්පැන් සොරාගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

පසුගිය දිනක මාරවිල, ලංසිගම ප්‍රදේශයේ රට බීමහලක් බිඳ රුපියල් ලක්ෂ 6කට ආසන්න වටිනාතමකින් යුත් මත්පැන් සොරා ගැනීමත් සමග මූලික විමර්ශන ආරම්භ කර තිබුණි.

සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලීසිය සඳහන් කළේය.

Related posts

රියදුරු බලපත්‍ර වලංගු කාළය තවත් මාස 6 කින් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රනිල් ඇතුළු පිරිසකට සිතාසි නිකුත් කෙරේ

Mohamed Dilsad

කොළඹ තවත් ප්‍රදේශයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

Leave a Comment