දේශීය

සුළඟේ වේගය ඉහළට – ධීවරයන්ට යළිත් අනතුරු ඇඟවීම්

(UTV| කොළඹ) –  දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වියහැකි බැවින් ධීවර කටයුතුවල නිරතවීමේදී සැලකිලිමත් වන ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා පවසා සිටියේය.

​මීට අමතරව බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ දී තැනින් තැන වැසි ඇති විය හැකි බව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ හා දකුණු පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 දක්වා වැඩි විය හැක.

Related posts

සින්නයියා නඩරාජසිවම් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

නවක වද පැමිණිලි ගොඩ ගැහැයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියාවක්

Editor O

Leave a Comment