දේශීය

මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

අද (13) පෙරවරු 11.35 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 102 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ලගාවූ බව කටුනායක ගුවන් තොටුපළ සඳහන් කළේය.

මෙලෙස යළි දිවයිනට පැමිණ තිබුනේ මාලදිවයිනේ රැකියාවල නිරතව සිටි ලාංකිකයින් පිරිසක්.

දිවයිනට පැමිණීමෙන් පසු ඔවුන් ගුවන් තොටුපොළේදී පී සී ආර් පරීක්ෂණවලට යොමු කර එහි ප්‍රථිපල ලැබෙන තෙක් කටුනායක ගුවන් තොටුපොළ අවට පිහිටි හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගන්වා තිබේ.

පී සී ආර් පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනු ඇත.

Related posts

ඊයේ හමුවූ කොරෝනා රෝගීන් පිළිබඳ විස්තර

Mohamed Dilsad

සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

විශ්‍රාම වැටුප්ලාභීන්ට පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment