දේශීය

ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙස උපදෙස්

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මුල් ස්වරූපයට හානියක් නොවන ලෙස ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කඩිනම් කරන ලෙස නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

ථූපාරාමය මෙරට පළමු ස්ථූපය ලෙස ලිඛිත සාක්ෂි සහිතව ඉතිහාසයට එක්ව ඇති අතර පුදබිම ආශ්‍රිත අනවසර ඉදිකිරීම් එහි බාහිර පෙනුමට සහ බැතිමතුන්ට බාධාවක්ව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

පුදබිමට අයත් ඉඩම් නිරවුල් කරදෙන ලෙස ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය කහල්ලේ ඥානින්ද හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබිණි.

ඊයේ (12) පස්වරුවේ ථූපාරාම පුදබිම ආශ්‍රිත සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ථූපාරාමය පුරාවිද්‍යාත්මක අගයක් සහිත සිද්ධස්ථානයක් ලෙස පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ වැදගත්කම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී පෙන්වා දී තිබේ.

ඊට අදාළ සැලැස්මක් කඩිනමින් සකස් කර දෙවසරක් ඇතුළත වැඩ නිමකරන ලෙස ද ඔහු නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේය.

Related posts

රාජ්‍ය සේවකයන්ගේ කරපිටින් බලය ගත් මාලිමා නායකයින් රාජ්‍ය සේවකයෝ නොසලකා හැරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ඉන්ධන මිල බැස්සුවොත් ආහාර මිලත් බස්සනවා

Mohamed Dilsad

මෙරට කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයින් ගැන අනාවරණයක්

Mohamed Dilsad

Leave a Comment