දේශීය

ජාතික රෝහලේ මුදල් සොරාගත් සැකකාර වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – පසුගිය 09 වනදා කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා ජුනි මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සැකකරු විසින් ව්‍යාජ පිස්තෝලයක් පෙන්වා රුපියල් ලක්ෂ 79 ක මුදලක් පැහැර ගෙන ත්‍රීරෝද රථයකින් පලායමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වුණි.

සැකකාර වෛද්‍යවරයා වෙනත් රෝහලකට අනුයුක්තව සේවය කරමින් විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පශ්චාත් උපාධියට යම් කිසි පුහුණුවකට කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.

Related posts

සමෘද්ධිලාභීන්ට ආහාර හිමිකම් පතක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ලොකු ලූනු ආනයන බද්දේ වාසිය අපේ ගොවියාටයි

Mohamed Dilsad

කෙහෙළිය ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment