විදෙස්

ලොව පුරා ආසාදිතයන් 7,400,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7,445,945 දක්වා ඉහළ ගොස් තිබේ.

සිදුව ඇති මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 418,137 ක් ලෙසයි.

වෛරසය ආසාදනය වූ  3,724,891ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවදුරටත් දෛනික මරණ වැඩිම සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තාවන අතර, ගතවූ පැය විසි හතරේ එරටින් වාර්තාවූ දෛනික මරණ සංඛ්‍යාව 1,300 කි.

ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 39,797 ක් වාර්තාවන අතර, නව ආසාදිතයන් 33,100 ක් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හත්ලක්ෂ 75,184 ක් ලෙස දැක්විණි.

ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 15,130 ක් ලෙස සටහන් වන අතර, ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ විසිලක්ෂ 66,223 ක් ලෙසයි.

ඉන්දියාවේ ගතවූ පැය විසි හතරේ නව මරණ 388 ක් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 8,107 ක් ලෙස දැක්වෙන අතර, ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වූයේ දෙලක්ෂ 87,155 ක් ලෙසයි. මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් ආසාදිතයන් 94,000 ක් වාර්තාවී ඇති අතර, මුම්බායි නගරයෙන් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 52,000 ක් ලෙසයි.

Related posts

එක් දිනකදී ඉන්දියාව තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් අද වාර්තා වේ

Mohamed Dilsad

ජමාල් කශෝගි ඝාතකයින්ට මරණ දඬුවම

Mohamed Dilsad

ඇමරිකාවේ මිසයිල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට ට්‍රම්ප් සැරසෙයි…

Mohamed Dilsad

Leave a Comment