දේශීය

කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් නිරෝධායනයට

(UTV | කොළඹ ) – කොල්ලුපිටි‍ය පොලිස් වසමේ අමෙරිකානු තානාපති කාර්යාලය අසල උද්ඝෝෂණයේ රාජකාරි කටයුතු සිදුකල පොලිස් නිලධාරීන් නිරෝධායනය කිරීම සඳහා යොමු කර තිබේ.

පසුගිය ජුනි මස 6 වන දින කොල්ලුපිටියේ පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

එම උද්ඝෝෂණය මැඩපැවැත්වීම සඳහා රාජකාරියේ නිරත වු කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 30 දෙනෙක් මෙලස නිරෝධානයට යොමු කර තිබේ.

එම නිලධාරීන් සියලු දෙනා පොලීසිය විසින් පවත්වනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Related posts

ෆයිසර් මාත්‍රා ලක්ෂ 15 ක් කටුනායකට

Mohamed Dilsad

දරුවන්ට දරාගත හැකි අධ්‍යාපනයක් දිය යුතුයි -අගමැති

Mohamed Dilsad

ජර්මනියේ රැඳී සිටි ලාංකික සිවිල් නාවිකයන් පිරිසක් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment