දේශීය

කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් නිරෝධායනයට

(UTV | කොළඹ ) – කොල්ලුපිටි‍ය පොලිස් වසමේ අමෙරිකානු තානාපති කාර්යාලය අසල උද්ඝෝෂණයේ රාජකාරි කටයුතු සිදුකල පොලිස් නිලධාරීන් නිරෝධායනය කිරීම සඳහා යොමු කර තිබේ.

පසුගිය ජුනි මස 6 වන දින කොල්ලුපිටියේ පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

එම උද්ඝෝෂණය මැඩපැවැත්වීම සඳහා රාජකාරියේ නිරත වු කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 30 දෙනෙක් මෙලස නිරෝධානයට යොමු කර තිබේ.

එම නිලධාරීන් සියලු දෙනා පොලීසිය විසින් පවත්වනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Related posts

ඉන්ධන මත පැනවු අධිභාරය ඉවතට

Mohamed Dilsad

විපක්ෂය එකතුවෙලා නොවැම්බර් 11 කරන වැඩේ….!

Editor O

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන් චාමර සම්පත්ට වෙන්න යන දේ

Editor O

Leave a Comment