දේශීය

මත් පැකට් 13ක් ගිලදැමූ පුද්ගලයෙකු මරුට

(UTV | කොළඹ ) – මත්ද්‍රව්‍ය පැකට් 13 ක් ගිලදැමූ පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේය.

ඊයේ (10) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල – මාකන්දන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බවයි පිළියන්දල පොලීසිය කියා සිටියේය.

පසුගිය 8 වනදා බණ්ඩාරගම – පිළියන්දල මාර්ගයේ තොරණවිල මංසන්ධියේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු මොහුට කිසියම් පාර්සලයක් දෙන අයුරු යතුරුපැදියකින් මාර්ග පරීක්ෂාවේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් දැක තිබේ.

එහිදී අදාළ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය පුද්ගලයා පලාගොස් ඇත.

එම අවස්ථාවේ මොහු තමන් සතුව පොලිතින් උරයකින් ඔතා තිබූ මත්කුඩු පාර්සලය ගිල දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේය.

පසුව ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය පුද්ගලයාගේ උදරය තුළ තිබී මෙම පාර්සලය සොයාගැනුනු අතර, එහි මත්කුඩු පැකට් 13 ක් තිබී ඇති බව පොලීසිය කියා සිටියේය.

Related posts

කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් අල්ලයි

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි.

Editor O

මැතිවරණ වියදම් වාර්තා බාරදීමට අපේක්ෂකයන්ට දින 21ක් : බාර නොදෙන අයට නඩු

Editor O

Leave a Comment