දේශීය

තැපෑලට අතිකාල දීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ ) – තැපැල් සේවකයන්ට අතිකාල ලබාදීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එකඟතාව පළ වූ බව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

එහෙත් සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල තාවකාලිකව වසා දැමීමේ තීරණයේ වෙනසක් නොමැති බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් තැපැල් වෘත්තීය සමිති කියා සිටියේ මෙම තීරණයට පමණක් එකඟතාවය පළ කළ නොහැකි බවයි.

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා දැමීමට සහ අතිකාල කපා හැරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තැපැල් වෘත්තීය සමිති විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන, තැපැල්පති රංජිත් ආරියරත්න ඇතුළු නිලධාරීන් සමඟ පෙරේදා සාකච්ඡාවක නිරත වූ අතර එය අවසන් වූයේ විසදුමකින් තොරවයි.

පසුව මෙම ගැටළුව අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය.

Related posts

ස්වාධින පක්ෂ එකමුතුවේ ‘උත්තර සභාගය’ අද එළි දකී

Mohamed Dilsad

අන්තර් පළාත් බස් රථ ධාවනයට මෙතෙක් අවසර නැහැ – ලංගම

Mohamed Dilsad

තවත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Mohamed Dilsad

Leave a Comment