දේශීය

මහ මැතිවරණයට පැෆරල් නිරික්ෂකයන් 5,000 ක්

(UTV | කොළඹ ) – මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා සූදානම් බව පැෆරල් සංවිධානය පවසයි.

සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස්වලට අනුකූලව කටයුතු කරමින් 5000 කට ආසන්න නිරික්ෂකයන් පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියාසිටියේය.

නිරීක්ෂක කණ්ඩායම් සමග සෞඛ්‍ය සේවකයන් ද යෙදවීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.

විදේශීය නිරික්ෂකයන් කිහිප දෙනෙකු ගෙන්වා ගැනීම කෙරෙහිද අවධානය යොමුවී තිබේ.

ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අවසරය ලබාගැනීමට පියවර ගන්නා බවත් ඔවුන්ට මෙරටදී නිරෝධායනය වීමට ප්‍රමාණවත් කාලයක් ඇතිව ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.

Related posts

මෙරටට පැමිණෙන සියලු තානාපති නිලධාරීන්ට PCR වාර්තාව අනිවාර්ය කරයි

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා කැඳවීමේ නිවේදනය මෙන්න

Editor O

මිලියන 21,000ක මත්ද්‍රව්‍ය වැටලීම්

Mohamed Dilsad

Leave a Comment