දේශීය

අද සිට කොළඹ මංතීරු නීතිය අකුරට

(UTV | කොළඹ ) – කොළඹ නගරය තුළ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය සම්බන්ධයෙන් රියැදුරන් මාර්ගයේදී දැනුවත් කිරීම අද (08) ආරම්භ කෙරේ.

ලබන 22 වනදා දක්වා එය ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවේය.

එදින සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන අතර මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි.

පොලිසිය විසින් මේ අනුව අද පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා කොළඹට පැමිනීමේදී සහ පස්වරු 4.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹින් පිටවීමේදී මංතීරු නීතිය අදාළවන මාර්ග කිහිපයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

නව වසරේ, විදුලි ගාස්තුව සියයට 11.57%කින් වැඩි කිරීමේ සූදානමක් | හයදාහේ බිල හාරදාහ කරනවා කියපු කතාව පචයක් !

Editor O

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අනතුරක් ; කාර්යාල දුම්රිය 05ක් ප්‍රමාදයි…?

Editor O

කලින් වෙන්කර ගත් ආසන සඳහා වන දුම්රිය ප්‍රවේශ පත්‍රවලට සහනයක්

Mohamed Dilsad

Leave a Comment