දේශීය

වැඩි මිලට වැලි අලෙවි කල පුද්ගලයින් 05 ගේ බලපත්‍ර අත්හිටුවයි

sand

(UTV | කොළඹ) – වැඩි මිලට වැලි අලෙවි කළ පුද්ගලයින් 05 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටවූ බව භු විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

ඇතැම් බලපත්‍ර හිමියන් විසින් සංවිධානාත්මක ලෙස වැලි අධික මිලට අලෙවි කිරිමේ ජාවාරමක් සිදු වෙමින් පවතින බව එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේය.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ලද පැමිණිවලට අනුව සිදු කළ වැටලීමකදී ඊට අදාල බලපත්‍ර අත්හිටුවිමට කටයුතු කළ බවයි.

මේ අතර වැලි ඡාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම 071 53 52 304 යන දුරකථන අංකය අමතා තමාට දැනුම් දෙන ලෙස සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

දිවයින පුරා වරින්වර විදුලි බිඳ වැටීමක්

Mohamed Dilsad

ආර්ථික පුනර්ජීවනය, වර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

Mohamed Dilsad

මාලිමාවට බලය හිමි, දඹුල්ල සභාවේ අයවැය දෙවන වරටත් පරාදයි

Editor O

Leave a Comment