දේශීය

වැඩි මිලට වැලි අලෙවි කල පුද්ගලයින් 05 ගේ බලපත්‍ර අත්හිටුවයි

sand

(UTV | කොළඹ) – වැඩි මිලට වැලි අලෙවි කළ පුද්ගලයින් 05 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටවූ බව භු විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

ඇතැම් බලපත්‍ර හිමියන් විසින් සංවිධානාත්මක ලෙස වැලි අධික මිලට අලෙවි කිරිමේ ජාවාරමක් සිදු වෙමින් පවතින බව එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේය.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ලද පැමිණිවලට අනුව සිදු කළ වැටලීමකදී ඊට අදාල බලපත්‍ර අත්හිටුවිමට කටයුතු කළ බවයි.

මේ අතර වැලි ඡාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම 071 53 52 304 යන දුරකථන අංකය අමතා තමාට දැනුම් දෙන ලෙස සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

දෛනික ආසාදිතයින්ගේ වැඩිවීමක්

Mohamed Dilsad

විදේශිකයෙක් පොලිස් බාරයට ගෙන නිරෝධායනයට යවයි

Mohamed Dilsad

Leave a Comment