විදෙස්

ෆීජි දිවයිනේ අවසන් කොරෝනා ආසාදිතයා පූර්ණ සුවය ලබයි

(UTV | ෆීජි) – පැසිෆික් සාගරයේ පිහිටි ෆීජි දිවයින කොරෝනා වෛරසයෙන් නිදහස් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ඒ, එරට අවසන් කොරෝනා ආසාදිතයා ද පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුවයි.

ෆීජි දිවයිනේ පළමු ආසාදිතයා මාර්තු මාසය මැදභාගයේ වාර්තා වූ අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව ඉහළ ගියේ 18 දක්වා පමණයි.

එමෙන්ම, එරටින් එකදු කොරෝනා මරණයක් හෝ වාර්තා නොවීම විශේෂත්වයක්.

Related posts

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් 10,000 ක් හමුවෙයි

Mohamed Dilsad

ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියානු නව අගමැති ධුරයට

Mohamed Dilsad

සෞදි මාධ්‍යවේදීයාගේ අතුරුදන්වීමට හේතුව ගැන ඇමෙරිකාවන් ඉඟියක්

Mohamed Dilsad

Leave a Comment