දේශීය

සොයිසාපුර වෙඩි තැබීමට සැකපිට කාන්තාවක අත්අඩංගුවට

(UTV | කෝවිඩ් -19) – මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට එල්ල වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

එම වෙඩිතැබීම මෙහෙයවන ලදැයි කියන දැනට විදේශගත වී සිටින පාතාල සාමාජිකයකු සමග මෙම කාන්තාව සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් තොගයක් සහ ජංගම දුරකතනයක්ද විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

සැකකාරිය ගල්කිස්ස පොලීසියට බාරදී ඇති අතර අද (05) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් සඳුදා සිට [RELEASE]

Mohamed Dilsad

අක්ෂි රෝහලේ හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවාවලට සීමා වෙයි

Mohamed Dilsad

නිදහස් සමරු උළෙලට සමාගාමීව කොළඹ විශේෂ රථවාහන සැළසුමක්

Mohamed Dilsad

Leave a Comment