දේශීය

සොයිසාපුර වෙඩි තැබීමට සැකපිට කාන්තාවක අත්අඩංගුවට

(UTV | කෝවිඩ් -19) – මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට එල්ල වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

එම වෙඩිතැබීම මෙහෙයවන ලදැයි කියන දැනට විදේශගත වී සිටින පාතාල සාමාජිකයකු සමග මෙම කාන්තාව සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් තොගයක් සහ ජංගම දුරකතනයක්ද විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

සැකකාරිය ගල්කිස්ස පොලීසියට බාරදී ඇති අතර අද (05) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

රුපියල් බිලියන 1.7 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

පෙබරවාරියේ වාහන ආනයනය තීන්දුයි. – බද්ද සියයට 200% – 300%ක්- ගැසට් පත්‍රය මෙන්න

Editor O

Leave a Comment