විදෙස්

පොලිස් නිලධාරියෙකු අතින් මිය ගිය කලු ජාතිකයා කොරෝනා රෝගියෙක්

(UTV| ඇමරිකාව) –  පසුගිය 25 වනදා පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාවකින් මියගිය ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්, කොවිඩ් -19 ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර ධවල මන්දිරය ඉදිරිපිට ද අඛණ්ඩව විරෝධතාවල නිරත පිරිස් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

කෙසේ වෙතත් හූස්ටන් ඇතුළු ප්‍රාන්ත රැසක පොලිස් නිලධාරීන් ද විරෝධතාවලට සහයදීමට එක්ව සිටියි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ කළු ජාතිකයන්ට අකටයුතුකම් රැසක් සිදුවන බවට චෝදනා එල්ල වන්නේ සුළු ජන වර්ගවලට එරෙහිව ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ ද පදනම් කර ගනිමින්.

මීට අමතරව , ඇමරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට ලක්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කර සිටින පොලිස් නිලධාරීන් සිව්දෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

ඝාතනය සිදුකළ පොලිස් නිලධාරියාට අධිචෝදනා ගොනුකර ඇති අතර, සෙසු නිලධාරීන් තුන්දෙනාට ඊට ආධාර අනුබලදීමේ චෝදනා ගොනුකර ඇත.

 

Related posts

යුරෝපය ඇමෙරිකාවේ උපදෙස් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ගුවන් අනතුරකින් පහක් මිය යයි

Editor O

දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඇරඹි ඇෆ්ගන් ජනපතිවරණයට බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment