විදෙස්

දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඇරඹි ඇෆ්ගන් ජනපතිවරණයට බෝම්බ ප්‍රහාරයක්

(UTV | කොළඹ) –  ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද (28) පෙරවරුවේ ආරම්භ විය.

දහස් ගණනක ඇෆ්ගනිස්ථාන් හමුදාව රට පුරා ආරක්ෂාව සඳහා යොදවා තිබුනත් ඡන්දය ආරම්භ වී පැය දෙකක් ඇතුළත දකුණුදිග කන්දහාර් ප්‍රදේශයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තලේබාන් සන්නද්ධ කණ්ඩායම් ඡන්ද මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන බවට මීටෙපර අනතුරු අඟවා තිබුණි.

ඇෆ්ගන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 14 දෙනෙකු ඉදිරිපත් වී සිටියි.

වර්තමාන ජනාධිපති අෂ්රෆ් ඝානි සහ එරට ප්‍රධාන විධායක අබ්දුල්ලා – අබ්දුල්ලා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙයි.

දෙවරක් කල් ගිය ඇෆ්ගන් ජනාධිපතිවරණය අද මෙලෙස පැවැත්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ තලේබාන් සංවිධානය අතර සාම සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුවයි.

 

Related posts

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ වැරදිකරු ලෙසට සුදු ජාතික පොලිස් නිලධාරියා තීන්දු කරයි

Mohamed Dilsad

පුටින්ගේ තවත් සැලසුමක්

Mohamed Dilsad

බෙල්ජියමේ වැසියන්ට කොරෝනා එන්නත නොමිලේ

Mohamed Dilsad

Leave a Comment