දේශීය

හෙට සිට කොළඹ ඩෙංගු මර්දන මෙහෙයුමක්

(UTV | කොළඹ) – පවතින ඩෙංගු අවධානමත් සමග කොළඹ නගර සභා සීමාව තුළ ඩෙංගු මර්දන මෙහෙයුමක් 04 ,05, 06 සහ 07 යන දින හතර පුරාවට ක්‍රියාත්මක වන බව කොළඹ නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.

මෙහිදී එක් එක් ප්‍රදේශ ආවරණය කරමින් සියලුම පරිශ්‍රයන් පරීක්ෂාවට ලක් කිරීමට නියමිත අතර , මෙම ස්ථානීය පරීක්ෂාවන් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, පොලිස් නිලධාරියෙක් සහ කසළ කළමනාකරණ අංශයේ සේවයකයෙකු සහභාගී වෙයි.

ඩෙංගු මර්දන මෙහෙයුමත් සමග කොළඹ නගරයේ සියලුම කාණු පද්ධති, මල නාලිකා සහ මනුඛිල (Manhole) පරීක්ෂා කර පිරිසිදු කිරීමටත් කටයුතු සැලසුම් කර තිබේ.

නාගරික කොමසාරිස්වරයා ජනතාවට දැනුම් දෙන්නේ, අදාළ පරිශ්‍රයන් පරීක්ෂා කරන අවස්ථාවේදී එම ස්ථාන ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බවට හඳුනාගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.

Related posts

සියලුම විශ්වවිද්‍යාල වල අවසන් වසරේ විභාග අදින් ඇරඹේ

Mohamed Dilsad

ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් අභිරහස් ලෙස මියයයි

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන් ගැන, හිටපු ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment