දේශීය

අද සිට තාවකාලික පදනම යටතේ බස් රථ ලියාපදිංචි කෙරේ

(UTV | කොළඹ ) – (03) මගී ප්‍රවාහනයට තාවකාලික පදනම යටතේ බස් රථ ලියාපදිංචි කිරීම ආරම්භ වේ.

අදාල ලියාපදිංචි කිරීම් ජාතික ගමනාගමන කොමිසම හෝ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදුකෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කළේය.

ලබන සඳුදා සිට ප්‍රවාහන සේවා සියල්ල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම කෙරෙහියි රජයේ අවධානය යොමුවී ඇති අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය අනිවාර්යය කර තිබේ.

ඒ අනුව දැනට පවතින බස් රථ ප්‍රමාණවත් නොවිය හැකි බැවින් දැනට තිබෙන පුද්ගලික හා ලංගම බස් රථ උපරිමයෙන් ධාවනය කිරීමට අමතරව පාසැල් ප්‍රවාහණ බස් රථ, විනෝද හා වන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි කිරීමේ පොරොත්තු ලේඛනයේ ඇති සියලූ බස් රථ තාවකාලිකව මගී ප්‍රවාහණයට යොදාගැනීමටයි ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.

Related posts

කඳුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණයට

Mohamed Dilsad

තද වැසි සමඟ නාය යෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

දෙහිවල දුම්රිය ස්ථානයේ වේදිකාව මීටර් 500ක් දක්වා පුළුල් කිරීමේ සැලැස්මක්

Editor O

Leave a Comment