දේශීයප්‍රමුඛ පුවත 1

අද රාත්‍රියේ සිට නැවතත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කොළඹ ) – අද රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා අලුයම 4 දක්වා සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.

ලබන 06 වනදා සිට දෛනිකව ඇඳිරි නීතිය බලාත්මක වනුයේ රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

හෙට (04) දිනයේ දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය බලාත්මක වන බැවින් රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් J.J. රත්නසිරි විසින් නිකුත් කළ නිවේදනයකයි එය දැක්වෙයි.

Related posts

ජනපති සීසෙල්ස් රාජ්‍ය බලා පිටත් වෙයි

Mohamed Dilsad

2016 දී සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 35199ක් – ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියයි

Mohamed Dilsad

බඩ ඉරිඟු මිල පාලනයට රජයේ මැදිහත්වීම අවශ්‍යයි – ගොවිජන සම්මේලනය

Mohamed Dilsad

Leave a Comment