දේශීය

රුපියල් 5000 දීමනාවට අදාළව අභියාචනා රැසක්

(UTV | කොළඹ ) – ජීවනෝපාය අහිමි වූ පිරිස් සඳහා ලබාදුන් රුපියල් 5000 දීමනාවට අදාළව අභියාචනා 44,767 ක් ලැබී තිබේ.

එම අභියාචනා සම්බන්ධයෙන් සළකා බලන්නැයි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධන බලකාය සඳහන් කළේය.

ලැබුණු අභියාචනා අතුරින් වැඩිම සංඛ්‍යාවක් කළුතර දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර එම සංඛ්‍යාව 5000කට අධිකය.

කොළඹින් ලැබී ඇති අභියාචනා සංඛ්‍යාව 4000 කට අධිකවද කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රුපියල් 5000 දීමනාවට අදාළව අභියාචනා 2033 ක් ලැබී ඇත.

මහනුවර දිස්ත්‍රික්කයෙන් අභියාචනා 176 ක් ලැබී ඇතැයි එම කාර්ය සාධන වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

හිටපු ජනපති පාස්කු කොමිසම හමුවට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

බණ්ඩාරනායක මාවතේ පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment