දේශීය

පාසල් යළි ඇරඹීමෙන් පසු අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සකස් කිරීමට උපදෙස්

(UTV | කොළඹ ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සුදුසු පරිදි සකස් කරන්නැයි උපදෙස් දී තිබේ.

ඊට අදාළ උපදෙස් චක්‍රලේඛයක් පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට යොමු කර ඇති බව එහි ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද පැවසුවේය.

එම ක්‍රමවේදය පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව, සෞඛ්‍ය තත්ත්වයන් සහ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව සකස් කළ යුතු වන අතර යළි පාසල් ආරම්භ කිරීමේදී උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ලේකම්වරයා පැවසුවේය.

පාසල් යළි ආරම්භ කරන දිනය නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පමණක් සකස් කෙරෙන ක්‍රමවේදයන්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

වත්මන් ආණ්ඩුවෙන් පනවා ඇති බදු ගෙව්වොත්, ඇඟලුම් සේවකයන් ලක්ෂ තුනහමාරකගේ රැකියා අවධානමේ

Editor O

ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම පිරිස පාසල් සිසුන්

Editor O

සතොස ඉන්දියානු බිත්තර මිලත් නගී

Mohamed Dilsad

Leave a Comment