දේශීයප්‍රමුඛ පුවත 1

අභාවප්‍රාප්ත තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද

(UTV | හැටන්) – අද (31) පස්වරුවේ ආරුමුගම් තොණ්ඩමන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

රාජ්‍ය අනුග්‍රහය ඇති ව හැටන් නෝර්වුඩ් තොන්ඩමන් ක්‍රීඩංගණයේ දී අවමංගල්‍යය උත්සවය පැවැත්වීමට නියමිතයි.

අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සඳහා සෞඛ්‍ය උපදෙස් සහ නිර්ණායකවලට අනුව සීමිත පිරිසක් සහභාගි කර ගැනිමට අවමංගල්‍ය කමිටුව තීරණය කර තිබේ.

පසුගිය 26 වන දින හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වන විට ඔහු 55 වන වියේ පසු විය.

මේ අතර නිරෝධායන නීතින්වලට යටත්ව ආරමුගම් තොණ්ඩමන් අවමංගල්‍යය කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලාරීන්ගේ සංගමය පවසයි.

ඒ පිළිබඳව ආරක්ෂක අංශ ද වැඩි අවධානයක් යොමුකළ යුතු බව එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළේය.

Related posts

අසර්බයිජානයේ ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙක් මරුට [PHOTOS]

Mohamed Dilsad

ලංකාව තුළ පවතින විෂය මාලාවේ ප්‍රතිසංස්කරණයක්

Mohamed Dilsad

ජයවර්ධනපුර සරසවි සිසුවියකටත් කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment