දේශීය

ජයවර්ධනපුර සරසවි සිසුවියකටත් කොරෝනා බව හෙළි වෙයි

(UTV |කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තවත් සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පසුගිය සෙනසුරාදා පානදුර පදිංචි කොරෝනා ආසාදිත කාන්තාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ ඉගෙනුම ලබන තුන්වන වසර සිසුවිය සමඟ පෞද්ගලික නවාතැනේ නතරවී සිටි මිතුරියක් මෙලෙස හඳුනා ගැනීමෙන් පසු ඇයද PCR පරීක්‍ෂණයට යොමු කර ඇත.

මෙහිදී ඇය කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.

මේ අතර අදාළ සිසුවියන් නතරවී සිටි නිවස හිමි කාන්තාව සහ පිරිමි පුද්ගලයාගේද PCR පරීක්ෂණ සිදුකළ අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවයි.

මේ අතර මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුටද කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවයි එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related posts

මුස්ලිම් පල්ලි වෙත විශේෂ දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

නෞකාව ගිනි ගැනීම නිසා අසරණ වූ ධීවරයින්ට සහන දෙන්නැයි, කතෝලික පියතුමන්ලා ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment