විදෙස්

නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් ඇරඹීමට තීරණය කරයි

(UTV | කොවිඩ් 19 ) – ස්වීඩනය මඟහැර නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් බිමන් ආරම්භ කිරීමට දෙරටේ බලධාරීන් තීරණය කර ඇතැයි නෝර්වේ මාධ්‍ය අද (29) වාර්තා කළේය.

මේ අනුව නිරෝධායන කටයුතු සිදු නොවන ආකාරයට දෙරට අතර සංචාරක බුබුළක් නිර්මාණය කිරීමට දෙරටේ බලධාරීන් තීරණය කර ඇත.

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තියත් සමඟ අන්තර්ජාතික සංචාරක හා ගමන් බිමන් කටයුතු සියල්ල ඇණ හිටිණි. එහෙත් ඒවා නැවත ආරම්භ කිරීම සඳහා ‘සංචාරක බුබුළු’ නිර්මාණය කිරීමට ලෝක නායකයෝ පියවර ගත්හ.

‘සංචාර බුබුළු’ යනු නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත්වූ රටවල් දෙක අතර සිදුවන සංචලන ක්‍රියාකාරකම් ය. ඒ අනුව නිරෝධායන ක්‍රියාවලියට යොමු නොවී ඒ ඒ රටවල් දෙක අතර මුහුදින්, ගොඩබිමෙන් හෝ ගුවනින් ගමන් කිරීමට දෙරටේ වැසියන්ට අවස්ථාව උදාවේ.

එමෙන්ම සංචාරක සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මැටේ ෆ්‍රඩිරික්සන් සහ නෝර්වේ අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

ප්‍රංශ මහ මැතිවරණයේ සෙන්ටි‍්‍රස් පක්ෂය ඉදිරියෙන්

Mohamed Dilsad

කොවිඩ් එන්නතේ මාත්‍රා මිලියන 300ක් මිලදී ගැනීමට යුරෝපය සුදානම්

Mohamed Dilsad

හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්

Editor O

Leave a Comment