දේශීය

මැතිවරණය සම්බන්ධයෙන් ලබන සඳුදා අධිකරණයට විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිසම ලබන සදුදා දීර්ඝ වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමක් සිදුකරන බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම්දෙනු ලැබීය.

ඒ, මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම හා ඊට බලපාන හේතු සම්බන්ධයෙනුයි.

මැතිවරණයට අදාළව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ වනවිට මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර ඇති බවත් , එම මාර්ගෝපදේශන මාලාවට යටත්ව මැතිවරණය පැවැත්වීම කල් යැම සිදුවන ආකාරය සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවද සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

 

Related posts

සතොස නඩුවෙන් ඇමති ජොන්ස්ටන්ට නිදහස්

Mohamed Dilsad

එතනෝල් ප්‍රවාහනය කළ සැරයන්වරයාගේ වැඩ තහනම් කෙරේ [UPDATE]

Mohamed Dilsad

විදෙස්ගතව සිට පැමිණෙන්නන් සියල්ලන්ට දින 14 ක නිරෝධායන කාලසීමාවක්

Mohamed Dilsad

Leave a Comment