දේශීය

කලු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙසට නියෝග

(UTV | හැටන්) – මන්දකට හසු වි මුදාගෙන පසුව මිය ගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය පේරාදෙණිය පශු වෛද්‍යය පිඨයේ සිදු කර එහි වාර්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා අද (29) නියෝග කළේය.   

කළු කොටියා (29) දින මිය යාම සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා විසින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් ඉල්ලා සිටියේ මිය ගිය කළු කොටියා උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යයවරුන් විසින් ප්‍රතිකාර ලබාදෙමින් සිටියදි හදිසියේ මිය ගිය බවත්, මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය එම පශු වෛද්‍යය රෝහලේ සිදු නොකර පේරාදෙණිය පශු වෛද්‍යය පිඨයේ සිදු කරන ලෙසට නියෝගයක් කරන ලෙසය.

වද විමේ තර්ජනයකට ලක් වි ඇති පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියන් ශ්‍රි පාද රක්ෂිතයේ හය දෙනෙකු පමණ මේ වන විට වාසය කරයි.

මෙම සත්වයා වද විමේ තර්ජනයට ලක් වි ඇති සතෙකු හේතුවෙන් කළු කොටියා මිය යාම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පේරාදෙණිය පශු වෛද්‍යය පිඨයේ සිදු කිරිමෙන් කළු කොටියා මිය යාමට හේතුව නිශ්චිත වශයෙන්ම තහවුරු වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඌව පළාත් ප්‍රධාන ලේකම් පත් කරයි. .

Editor O

ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත් කරයි

Mohamed Dilsad

රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment