දේශීය

ජුනි 5 සහ 6 සියලුම සුරාසැල්, මස් මාංශ අලෙවිසැල් , සමාජ ශාලා වැසේ

(UTV| කොළඹ) – රාජ්‍ය පොසොන් උත්සවය හේතුවෙන් ජුනි මස 5 සහ 6 දිවයිනේ සියලුම සුරාසැල්, මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබෙන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

සියලුම පළාත් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අමාත්‍යංශය දන්වා ඇත්තේ අදාළ දින දෙක තුල දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නතර කිරීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම නතර කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

Related posts

දිවයින පුරා වරින්වර විදුලි බිඳ වැටීමක්

Mohamed Dilsad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

තුසිත හල්ලොලුව ට අධිකරණයෙන් දුන් නියෝගය

Editor O

Leave a Comment