දේශීය

වරිපනම් බදු වැඩි කිරීමේ තීරණය අත්හිටුවයි

(UTV | කොළඹ) – මහජනතාවගෙන් අයකරනු ලබන වරිපනම් බදු වැඩි කිරීමට ගත් තීරණය අවුරුදු 2 ක කාලයකට අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ඉදිරි වසර දෙක  සඳහාද දැනට පවතින අනුපාතය යටතේ වරිපනම් බදු අයකිරීමටත් ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීමට ආණ්ඩුකාර වරුන්ට බලය පැවරීමටත් විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අනුමැතිය හිමිවි තිබේ.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

Related posts

සහල් මිල පාලනයට කැබිනට්ටුව ගත් තීරණය

Mohamed Dilsad

සයිනෝෆාම් සහ ස්පුට්නික් එන්නත් 80000 ක් ලබා දෙයි

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 300 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment