දේශීය

වරිපනම් බදු වැඩි කිරීමේ තීරණය අත්හිටුවයි

(UTV | කොළඹ) – මහජනතාවගෙන් අයකරනු ලබන වරිපනම් බදු වැඩි කිරීමට ගත් තීරණය අවුරුදු 2 ක කාලයකට අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ඉදිරි වසර දෙක  සඳහාද දැනට පවතින අනුපාතය යටතේ වරිපනම් බදු අයකිරීමටත් ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීමට ආණ්ඩුකාර වරුන්ට බලය පැවරීමටත් විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අනුමැතිය හිමිවි තිබේ.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

Related posts

නවක රාජ්‍ය සේවකයින්ගේ පුහුණුව අත්හිටුවයි

Mohamed Dilsad

සංවිධානාත්මක අපරාධකරුවකු වන සබීත STF අත්අඩංගුවට

Mohamed Dilsad

මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment