දේශීය

කාළගුණයෙන් ඉදිරි පැය 36 පිළිබඳව නිවේදනයක්

(UTV | කොළඹ) – ඉදිරි පැය 36 තුළදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 150 කට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් , නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල හෙට (28) පස්වරු 2න් පසුව වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව තවදුරටත් නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේය.

එමෙන්ම , අඛණ්ඩව වැසි ඇද හැලුණහොත් කැළණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලුඔය පහළ නිම්නවල ජීවත් වන ජනතාව ගං වතුර තත්ත්වයන් පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

Editor O

සමැන්තා සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

මංතීරු නීතිය හෙට සිට දැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment