ක්‍රීඩා

විනිසුරුවන්ට සෞඛ්‍යාරක්ෂිත අත්ආවරණ පැළඳීමට අවසර

(UTV | ඩුබායි) – කොරෝනා වසංගතය හමුවේ විනිසුරුවන්ට සෞඛ්‍යාරක්ෂිත අත්ආවරණ පැළඳීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවසර ලබා දී තිබේ.

එහි අරමුණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ක්‍රිකට් තරඟමාලා වෙනුවෙන් වෙනම වෛද්‍ය නිලධාරියෙකු පත් කිරීමට නියමිත බවයි.

සෑම කණ්ඩායමක්ම තරඟමාලාවක් පැවැත්වීමට පෙර දින 14 ක නිරෝධායන වැඩපිළිවෙලකට යොමු කරන අතර තරඟවලදී පන්දුව ඔප මට්ටම් කිරීම සඳහා ඛේටය භාවිත කිරිමද තහනම් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ කොරෝනා අවදානමෙන් මිදීම සඳහා හඳුන්වා දී ඇති මෙම නිර්දේශ සෑම කණ්ඩයමක්ම අනුගමනය කළ යුතු බවයි.

Related posts

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන පරීක්ෂණයක්

Mohamed Dilsad

ටැබ්රේස් ෂම්සි ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා – පාකිස්තාන තරඟයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

Leave a Comment