ක්‍රීඩා

විනිසුරුවන්ට සෞඛ්‍යාරක්ෂිත අත්ආවරණ පැළඳීමට අවසර

(UTV | ඩුබායි) – කොරෝනා වසංගතය හමුවේ විනිසුරුවන්ට සෞඛ්‍යාරක්ෂිත අත්ආවරණ පැළඳීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවසර ලබා දී තිබේ.

එහි අරමුණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ක්‍රිකට් තරඟමාලා වෙනුවෙන් වෙනම වෛද්‍ය නිලධාරියෙකු පත් කිරීමට නියමිත බවයි.

සෑම කණ්ඩායමක්ම තරඟමාලාවක් පැවැත්වීමට පෙර දින 14 ක නිරෝධායන වැඩපිළිවෙලකට යොමු කරන අතර තරඟවලදී පන්දුව ඔප මට්ටම් කිරීම සඳහා ඛේටය භාවිත කිරිමද තහනම් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ කොරෝනා අවදානමෙන් මිදීම සඳහා හඳුන්වා දී ඇති මෙම නිර්දේශ සෑම කණ්ඩයමක්ම අනුගමනය කළ යුතු බවයි.

Related posts

T-20 යට ගහන තුරුම්පුව මාලිංග කියයි – ක්‍රීඩා කරන අවසන් 11 මෙන්න

Mohamed Dilsad

ඉතිහාසයේ ප්‍රථම වතාවට බංග්ලාදේශය ලෝක ක්‍රිකට් කිරුළක් හිමිකර ගනී

Mohamed Dilsad

ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අද තරඟවදී

Mohamed Dilsad

Leave a Comment