දේශීය

ජල බිල්පතේ ගැටළු ඇත්නම් විසඳුම් ලබාදීමට විශේෂ අංකයක්

(UTV | කොළඹ) – ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ජල පාරිභෝගිකයන්ගේ බිල්පත් ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඕනෑම දුරකථනයකින් E අකුර යොදා 071 939 9999 අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් අදාළ ගැටළුවලට විසඳුම් ලබාගත හැක.

අදාළ කෙටි පණිවුඩය ජල සම්පාදන මණ්ඩලයට ලැබීමෙන් පසු එම පාරිභෝගිකයාට අදාළ දිස්ත්‍රික්කයේ ජල බිල්පත් අංශය විසින් දුරකථන ඇමතුමක් ලබාදී ගැටළුවට විසඳුම් ලබාදෙන බවයි ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී පියල් පත්මනාත් මහතා සඳහන් කරයි.

Related posts

T20 ලෝක ශූරතාවය සඳහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන විමර්ශනයට කමිටුවක්

Mohamed Dilsad

රතන හිමියෝ නතර වෙති

Editor O

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment