දේශීය

ජල බිල්පතේ ගැටළු ඇත්නම් විසඳුම් ලබාදීමට විශේෂ අංකයක්

(UTV | කොළඹ) – ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ජල පාරිභෝගිකයන්ගේ බිල්පත් ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඕනෑම දුරකථනයකින් E අකුර යොදා 071 939 9999 අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් අදාළ ගැටළුවලට විසඳුම් ලබාගත හැක.

අදාළ කෙටි පණිවුඩය ජල සම්පාදන මණ්ඩලයට ලැබීමෙන් පසු එම පාරිභෝගිකයාට අදාළ දිස්ත්‍රික්කයේ ජල බිල්පත් අංශය විසින් දුරකථන ඇමතුමක් ලබාදී ගැටළුවට විසඳුම් ලබාදෙන බවයි ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී පියල් පත්මනාත් මහතා සඳහන් කරයි.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 60කින් වැඩි වෙයි

Mohamed Dilsad

පාස්කු සැකකරුවන්ගේ පුනරුත්ථාපනය ගැන විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ආබාධ සහිත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙනවා – මැතිවරණ කොමිෂම

Editor O

Leave a Comment