දේශීය

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

(UTV | කොළඹ)  – ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක 07ක් සඳහා නාය යාමේ අනතුරු ඇඟවා ඇත.

අද (22) පෙරවරු 2.30 සිට හෙට (23) පෙරවරු 2.30 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලත්මකයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා ඇති බැවින් ඒ අනුව ඉදිරි කාලයේ නායයෑම් අනතුරු ඇති විය හැකි බවයි.

ඒ අනුව නායයෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ , පස් කණ්ඩි වැටිමේ හා පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ ජනතාවට විමසිලිමත් වන්නැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 

Related posts

අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

”ආචාර්යය” පට්ටම ගැන අහන්න ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

Editor O

සිඟිති පාතාලයෝ දෙදෙනෙක් සහ වීඩියෝ ශිල්පියා පොලිස් බාරයට

Editor O

Leave a Comment