දේශීය

කාන්තාවන් තිදෙනෙකු මියගිය සිද්ධියට අත්අඩංගුවට පත් සැකකරුවන් රිමාන්ඩ්

(UTV | කොළඹ) – කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හය දෙනා ලබන ජුනි මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබාදුන්හ.

සැකකරුවන් අතර ආධාර බෙදීම සිදුකළ ව්‍යාපාරිකයා ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළා.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ මාලිගාවත්ත – ජුම්මා මස්ජිද් පාරේ නිවසකදී පෞද්ගලික මුදල් ආධාර බෙදීමක් අතරතුර අද පස්වරුවේ ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 09 දෙනෙකු රෝහල් ගතකරනු ලැබීය.

Related posts

ඉන්ධන ගන්න ඉන්දියාවේන් තවත් ඩොලර් මිලියන 500ක්

Mohamed Dilsad

ඇදිරි නීතිය කඩ කල තවත් 1245ක් අත්අඩංගුවට

Mohamed Dilsad

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment