දේශීය

මිය ගිය කාන්තාවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග

(UTV| කොළඹ) – අද පස්වරුවේ මාලිගාවත්ත ප්‍රදේශයේ සිදුවූ සිද්ධියෙන් මිය ගිය කාන්තාවන් තිදෙනාගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත අද (21) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සදහා අද (21) මහේස්ත‍්‍රාත්වරිය මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් මාවත ප‍්‍රදේශය වෙත සහ මෘත ශරීර තැන්පත් කර තිබූ මෝචරිය වෙත ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළාය.

Related posts

ගත වූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 කට කොරෝනා

Mohamed Dilsad

මුස්ලිම් පල්ලි වෙත විශේෂ දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment