දේශීය

වසා දමා ඇති හෝටල් සහ ආපනශාලා විවෘත කිරීමට පියවර

(UTV | කොළඹ) – වසා දමා ඇති හෝටල් සහ ආපනශාලා ඉදිරි සතියේදී විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබාදෙන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මේ බව පැවසුවේ සංචාරක හෝටල්, ආපනශාලා හිමියන්, සංචාරක ක්‍ෂේත්‍රයේ සේවා සපයන විවිධ වෘත්තිකයින් අතර ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

රට තුළ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙලෙස ආපනශාලා කඩිනමින් විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

හෝටල් සහ ආපනශාලා හිමියන් ඉල්ලා ඇත්තේ කඩිනමින් සිය ආයතන විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලෙසයි.

සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන මාර්ගෝපදේශ වලට අනුව සිය ආපන ශාලා විවෘත කර පවත්වාගෙන යාමට සංචාරක හෝටල් හිමියන් මෙහිදි එකගත්වය පල කර තිබේ.

Related posts

බස්නාහිර පළාතේ වැටලීම්වලින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

රට රැකියා දෙනවැයි ලක්ෂ ගණනින් සල්ලි ගැරූ ජෝඩුවක් කොටු

Mohamed Dilsad

මීටර් 8 ක් ගිලා බැස්ස කාන්තාවක් සොයා මැලේසියාවේ මෙහෙයුමක්

Editor O

Leave a Comment