දේශීය

බස්නාහිර පළාතේ වැටලීම්වලින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – ඊයේ (16) පෙරවරු 6 සිට අද අලුයම 5 දක්වා බස්නාහිර පළාත තුළ සිදුකළ වැටලීම්වලදී 404 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර, හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයින් 170ක් සිටින අතර ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 143කට අධිකයි.

ගංජා ළඟ තබා ගත් 77 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

තවද බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ අයිස් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 120ක් ළඟ තබා ගත් පුද්ගලයින් 14 දෙනෙකු ද මෙම වැටලීම්වලදී අත්අඩංගුවට ගත් බවයි.

Related posts

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහාය රනිල් වික්‍රමසිංහ ට

Editor O

ගල්කිස්ස හා නුගේගොඩ විශේෂ ආරක්ෂක මෙහෙයුමක්

Mohamed Dilsad

දුම්රිය සහ ලංගම විසින් අද සිට සේවයට එන අයට ප්‍රවාහන පහසුකම්

Mohamed Dilsad

Leave a Comment