දේශීය

කුවේට් සිට ලාංකිකයන් පිරිසක් අද දිවයිනට

(UTV | කොළඹ ) – අද (19) රැකියා සඳහා කුවේටයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් අතුරින් කොරෝනා වසංගත තත්වය මත විවිධ අපහසුතාවයන්ට පත්වු 448ක පිරිසක් දිවයිනට පැමණිමට නියමිතයි.

කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

කුවේට් ගුවන් සේවයට අයත් යානා දෙකකින් පැමිණෙන මෙම කණ්ඩායමෙන් පිරිසක් අද දහවල් ශ්‍රී ලංකාවට ලගාවන අතර ඉතිරි පිරිස රාත්‍රියේ දිවයිනට පැමිණෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව එහි පළමු අදියර යටතේ කුවෙට් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් එරට සිටින ශ්‍රී ලාංකික පිරිසක් අද දිනයේ මෙරටට පැමිණිමට නියමිතයි.

සාමාන්‍ය පොදු සමාව මඟින් කුවෙට් හි සේවය කිරිමේ අවස්ථාව අහිමි වූ පුද්ගලයින්ට කිසිදු බලපෑමකින් තොරව එරටින් පිටව යාමට අවස්ථාව හිමි වන අතර නෛතික වශයෙන් සේවය සඳහා යළි කුවේට් රාජ්‍යයට පැමිණිය හැකි බව සඳහන් වේ.

කුවේට් හි සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායන සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන බව විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අයවැය 2025 කාරක සභා විවාදය අද (27) සිට ඇරඹේ

Editor O

ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක්

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment