විදෙස්

දකුණු අප්‍රිකාවේ මත්පැන් හා දුම්වැටි අලෙවිය තහනම් කෙරේ

(UTV | දකුණු අප්‍රිකාව)  – දකුණු අප්‍රිකාව සති හතක කාලයක් සඳහා මත්පැන් සහ දුම්වැටි අලෙවිය තහනම් කිරිමට තීරණය කර තිබේ.

ඒ කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරිමේ හේතුවෙන්.

එරට සෞඛ්‍ය අංශ පවසන්නේ මත්පැන් හා දුම්වැටි භාවිතය කොවිඩ් ව්‍යාප්තිය හා ගෘහස්ත හිංසනය සඳහා රුකුල් දීමක් බවයි.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ නිති විරෝධි මත්පැන් මත්ද්‍රව්‍ය වෙළදාම ඉහළ ගොස් ඇති අතර බලහත්කාරයෙන් වැඩි මිලට මත්පැන් අලෙවිය සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වන විට දකුණු අප්‍රිකාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 15,515 දෙනෙකු වාර්තා වන අතර මරණ 264ක් සිදුව තිබේ.

Related posts

ඇමරිකාව සමඟ සාකච්ඡා සඳහා උතුරු කොරියාව සුදානම්

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්

Editor O

ඇෆ්ගනිස්ථානයේදී සටන්කාමීන් 80ක් මරුට

Mohamed Dilsad

Leave a Comment