දේශීය

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනපති කොමිසම හමුවේ සාක්ෂි විමසීම් අදත්

(UTV | කොළඹ ) – අද(18) දිනයේ ද පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරිම සඳහා පත්කර ඇති ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත පුද්ගලයින් 05 දෙනෙකු කැඳවා තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 02 දෙනෙකු , කටාන ප්‍රාදේශිය ලේකම් එච්.එච් කිරිඇල්ල මහතා සහ මිගමුව කටුවාපිටිය ප්‍රදේශයේ සිවිල් වැසියන් දෙදෙනෙකු විවෘත සාක්ෂි විමසීම සඳහා කැඳවා ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

අද දහවල් 12.30 සිට සාක්ෂි විමසිම ආරම්භ කරන බව ජනාධිපති පරික්ෂන කොමිෂන් සභාව සඳහන් ක‍ළේය.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හමුවේ මෙම ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසිම් තාවකාලිකව නතර වි තිබු අතර එහි කටයුතු පසුගිය 14 වනදා සිට යළි ආරම්භ කෙරුණි.

Related posts

ඉන්දියාවේ විරත් කෝලි ටෙස්ට් තරඟවලින් සමුගනී

Editor O

බ්‍රිතාන්‍ය අගමැතිට ජනපති රනිල්ගෙන් සුබපැතුම්

Mohamed Dilsad

සීයා කියපු කතාව හරියටම හරියයි. ”එල් බෝඩ්”, මාලිමා මන්ත්‍රීගේ සැපරිය පාර්ලිමේන්තු පොකුණට වැටෙයි.

Editor O

Leave a Comment