දේශීය

ඊයේ ආසාධිතයන් 21 න් 19 දෙනෙකු නාවික සෙබලුන්

(UTV | කෝවිඩ්-19) – ගතවූ පැය 24 දී මෙරටින් වාර්තා වු කොවිඞ්-19 ආසාධිතයන් 21 දෙනාගෙන් 19 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත සෙබලුන් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අනුව වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 540 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ හඳුනාගත් අනෙක් ආසාධිතයන් දෙදෙනෙකු වාර්තාවී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් වන අතර ඔවුන් මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

Related posts

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය

Mohamed Dilsad

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Mohamed Dilsad

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විදුලිය විසන්ඳිවෙයි.

Editor O

Leave a Comment