දේශීයප්‍රමුඛ පුවත 1

විජයග්‍රහණයේ 11 වන සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

(UTV | කොළඹ ) – විජයග්‍රහණයේ 11 වන සැමරුම හෙට (19 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය ඉදිරිපිටදී ඉතාමත් චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව පස්වරු 4ට ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් විජයග්‍රහණයේ සැමරුම පැවැත්වීමට නියමිතය.

කොවිඩ් 19 වසංගතය පැවතියද විජයග්‍රහණයේ සැමරුම පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

රටේ කුමන තත්ත්වයක් පැවැතියද රණවිරුවන් අමතක කළ නොහැකි බවත් රණවිරුවන් ජීවිත පූජා කළේ රටට සාමය ලබාදීමට ඇපකැප වී කටයුතු කළ නිසා බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

අදට (18) , වසර 30 කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර එකළොස් වසරක් සපිරෙයි.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජිවිතක්ෂයට පත්විමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද ලංකාවේ ආරක්ෂක අංශ වෙත හිමි වෙයි.

Related posts

රජයේ සියලු පාසල් ආරම්භ කිරීම සම්බන්ධ විශේෂ චක්‍රලේඛයක් – පළමු වාරය අප්‍රේල් 09 අවසන්

Mohamed Dilsad

විශේෂ මහාධිකරණය අද (21) විවෘත කෙරේ

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment