දේශීය

රැකියාවන් සඳාහා පැමිණීමට හෙට සිට දුම්රිය වාර සංඛ්‍යාව වැඩි කරයි

(UTV | කොළඹ) –  රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන් සඳාහා පැමිණීමට හෙට (18) සිට දුම්රිය වාර 19ක් දක්වා වැඩි කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.

දුම්රිය ආසන වෙන් නොකළ දුම්රිය මඟින් සඳහා අවස්ථාවක් ලබා දී ඇති බවත් ඒ අනුව රාජකාරී හැඳුනුම්පත,තමාගේ ආයතනය මඟින් නිකුත් ලිපියක e-mail පණිවිඩයක් හෝ කෙටි පණිවිඩයක් (SMS) තිබේ නම් අදාළ දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ගමන් කිරිමට හැකි බව ද ඔහු ප්‍රකාශකර සිටියේය.

කෙසේ වුවද මෙම අවස්ථාව හිමි වන්නේ දුම්රිය ආසන හිස්ව තිබේ නම් පමණක් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

මේ වන විට දුම්රිය ආසන වෙන් කර ගැනීම සදහා ඉල්ලුම්පත් 11.000 ඉක්මවා ලැබී තිබේ.

Related posts

ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට යුක්‍රේන ජනාධිපති එකඟවෙයි

Editor O

වී කිලෝව රුපියල් 150යි.

Editor O

ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රික්කවල බදාදා තෙක් බස් හෝ දුම්රිය ධාවනය නැහැ

Mohamed Dilsad

Leave a Comment