දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 56000 ඉක්මවයි

(UTV | කෝවිඩ් – 19) – පසුගිය මාර්තු 20 වන දින පස්වරු 6 සිට අද (17) පෙරවරු 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 56 326 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 15,490 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඊයේ (16) පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා ගත වු පැය 24 තුළ දී පමණක් පුද්ගලයින් 620 ක් හා වාහන 274 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මාර්තු 18 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු 13556 ක් පනවා ඇති අතර නඩු පැවරීම්වලට අදාළ දඩුවම් නියම කිරීම් 5221 ක් ද සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

Related posts

“ශාන්තගේ ඇමතිධූරය අහෝසිකරනතෙක් සාකච්ඡා නැහැ”

Mohamed Dilsad

තවත් හොර රැකියා ඒජන්සියක් වටලයි

Mohamed Dilsad

රිජ්වේ රෝහලේ වකුගඩු සැත්කම ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

Leave a Comment