දේශීය

රවීගේ පෙත්සම විභාගයට අවසර

(UTV | කොළඹ ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක හා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු 7 දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රීට් පෙත්සම් පිළිබඳ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම ජුනි මස 19 වනදා සිදුකිරීමට අවසර හිමිවී තිබේ.

ඊයේ (15) ඒ අදාළ පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එච්.එම්.ඩි. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ද එදින සිදුකිරීමට නියමිතයි.

පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ 2016 වසරේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් තුලින් රජයට රුපියල් බිලියන 51.98ක පාඩුවක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය පසුගිය වසරේ මාර්තු 6 වනදා තමන්ට වරෙන්තු නිකුත් කළ බවයි.

එම වරෙන්තුව බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

Related posts

දුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

විදේශිකයන්ට රට යළි විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද

Mohamed Dilsad

Leave a Comment