දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට එරෙහි නඩු 12000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන ආකාරයට පසුගිය මාර්තු මස 18 වන දින සිට අද (16) පෙරවරු 6 දක්වා වූ කාලය තුළ පුද්ලගයින් 12482 ක් සඳහා නඩු පවරා තිබේ.

නඩු පැවරීමවලට අදාළ දඬුවම් නියම කළ සංඛ්‍යාව 4808 ක් බවද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් ඊයේ (15) පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා ගත වු පැය 24 ක කාලය තුළ පමණක් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 559 දෙනෙක් හා වාහන 205 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මාර්තු 20 වන දින සිට අද දක්වා පුද්ගලයින් 55506 දෙනෙක් හා වාහන 15216 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Related posts

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

Editor O

රාජකුමාරි පිළිබඳ මරණ පරීක්ෂණයේ තීන්දුවට දින දෙයි

Mohamed Dilsad

බොරැල්ලේ මාර්ගයක් ගිලා බසී

Editor O

Leave a Comment